පුරහඳ දුටිමි! පෑයූ ගණඳුරු රැයක

හැඟුමින් තොරව සිහිපත්කරමින්
මතක
හිස්වුනු අහසෙ නැති තරු ගණිනා
පැයක
කවුළුව තුළින්, තිබෙනා එක්ටැම්
ගෙයක
පුරහඳ දුටිමි! පෑයූ ගණඳුරු
රැයක

පිසදා දෙනෙත් යළි යළි බෝ
ඉවසිල්ලෙන්
පෙනුමේ දොසක්දැයි බැලුවෙමි
විමසිල්ලෙන්
උතුරා යද්දි හද සුන්දර
සිතුවිල්ලෙන්
ඉවතට ගියා ‍ඇය මොහොතක
ඇසිපිල්ලෙන්

පුරවනු පිණිස නෙත්යුග සඳරැස්
කැල්මෙන්
සක්මන් කළෙමි කවුළුව පෙනෙනා
මානෙන්
සිතුවිලි මගේ මේ යැයි දැනගත්
විලසින්
යළි පෑයුවා ‘හඳ ‍’ මගෙ හද
පුබුදුවමින්!

කල්යල් බලා බිඳ නුඹ සමවැද උන්
දැහැන
ඉඟියක් කළෙමි සැකයෙන්, වේදෝ
උරණ
නොදුටුව ලෙසින් සිටියත්, මදහස
පිරුණ
දුටුවෙමි නුඹේ විළියෙන් රතුවුණු
මුහුණ

සිටියත් නුඹේ අත අල්ලනු බැරි
දුරකින්
කරුණක් නොවේ පසුබැස්මට කිසි
ලෙසකින්
දැවටූ සුපෙම්මල්, නෙත් හීසර
යවමින්
හැකිවිය සිපගන්න ඔය වත ලොවට
හොරෙන්

කවුළුව තුළින් නෙත රසඳුන් දෙන
හින්දා
ඈතින් ඉඳන් මම නුඹහට පෙම්
බැන්දා
ඇතිබව දනිමි මා වෙත නුඹෙ හද
රන්දා
එනමුත් දුටිමි වෙනසක් මොකදෝ
මන්දා

නොකියනු බැරි දෙයක් ඇතිදෝ පතුලෙ
හද
සුන්දර නොවේ වත ඊයෙ තරම්
අද
වත්සුණු සුවඳ තැවරුණු සුදු කොපුල්
මැද
කඳුලට නවාතැන් දුන්නේ නුඹ
කිමද

ලාලිත, කොමල නුඹ සිටියත් තරුණ
වියේ
සුන්දර මුහුණ ඇත සඟවා දිවා
රැයේ
කතරක් තරම් සඟවාගෙන සුසුම්
ළයේ
හිනැහී සිටින්නට හැකි වෙරදරන්
ප්‍රියේ

දෙන්නට හිත ඇතත් නිදහස යදම්
ලිහා
දිගු නෑ දෑත නුඹ ඉන්නේ දුරින්
මහා
ඉවතට හැරවුවත් වත කවුලුවෙන්
වහා
සුන්දර බව දනිමි ඇති රුව තිරෙන්
එහා

ලද ‍දේ නොලද දේ එකලෙස
ඉවසාපන්
හද සෝ සුසුම් දුරැලන්නට
හැකිවීයන්
කවුළුව ළඟදි මගෙ නෙත් තුල
පැටලීයන්
දැක්මෙන් නුඹව තනිකම මගෙ
දුරුවීයන්

රන්වන් කරල් බරවුණු වෙල්
මැද්දෑවේ
ඇවිදන් යන්න අත් අල්ලන්
හැන්දෑවේ
හැබැහින් විඳින්නට රස දිවි
ගංගාවේ
පෙරුමන් පුරන් උපදින්නට
ලංකාවේ!
Advertisements
Published in: on 2011 ජූලි 20 at පෙ.ව. 10:22  Comments (4)  

කවියෙන් ලියමි,ඇතිදේ සිත පුරාවට

ඉසුරින් පිරුණු ජීවිතයක තිබෙන
අගේ
ගැනමයි තිබු‍නෙ දුටු හැම සිහිනයෙම
මගේ
රන්මසු නෙලන්නට ‍’සුනාමි’ මැෂිම
වගේ
ආවෙමි කතරකට, දැන් තේරෙනවා
රඟේ!

ඇත්නම් මුදල් ගොඩගහලා
කඳුසේම
ලදහැක, සියළු සැප-සම්පත්
ඉඳුරාම
මිලදී ගනිමි සිත සතුටද
සැනසීම
සිතුවෙමි එකල, එය විය ලොකු
වැරදීම!

උපයන නමුත් මසුරන්, පුරවන්න
කැටේ
සිහිවී අඹු-දරුවො දෑසින් කඳුලු
වැටේ
ගමරට බලා දුව යන්නට හැටට
හැටේ
නැගුමට හිතෙයි ලොකු-උස ඔටුවෙකුගෙ
පිටේ

පාළුව-කාන්සිය පළවා හරිනු
දුර
නිදහස් කරනු රිසියෙන් හදගැබෙහි
බර
ලියනට යමක් හැකි පමණින් යොදා
වෙර
මෙය ඇරඹුවෙමි,සත් දිනකට පමණ
පෙර

ලොකුවට නැතත් තරමක රසයක්
රන්දා
පදයක් දෙකක් අමුණන්නට හැකි
හින්දා
බ්ලොගයක් ඇරඹුවත් නොමිලේ දෙන
හින්දා
කවිකර ලියන්නේ මොනවාදෝ
මන්දා

වැඩ වැ‍ඩි වුනත්, ලැදි හින්දා
කලාවට
කවියෙන් ලියමි, ඇතිදේ සිත
පුරාවට
ඇරයුම් කරමි! ඉඩකඩ ඇති
වෙලාවට
ඇවිදින් යන්න, එය සතුටක් වේය
මට!
Published in: on 2010 නොවැම්බර් 29 at පෙ.ව. 10:10  Comments (5)