| හැඟුමින් තොරව සිහිපත්කරමින් |
මතක
|
| හිස්වුනු අහසෙ නැති තරු ගණිනා |
පැයක
|
| කවුළුව තුළින්, තිබෙනා එක්ටැම් |
ගෙයක
|
| පුරහඳ දුටිමි! පෑයූ ගණඳුරු |
රැයක
|
| පිසදා දෙනෙත් යළි යළි බෝ |
ඉවසිල්ලෙන්
|
| පෙනුමේ දොසක්දැයි බැලුවෙමි |
විමසිල්ලෙන්
|
| උතුරා යද්දි හද සුන්දර |
සිතුවිල්ලෙන්
|
| ඉවතට ගියා ඇය මොහොතක |
ඇසිපිල්ලෙන්
|
| පුරවනු පිණිස නෙත්යුග සඳරැස් |
කැල්මෙන්
|
| සක්මන් කළෙමි කවුළුව පෙනෙනා |
මානෙන්
|
| සිතුවිලි මගේ මේ යැයි දැනගත් |
විලසින්
|
| යළි පෑයුවා ‘හඳ ’ මගෙ හද |
පුබුදුවමින්!
|
| කල්යල් බලා බිඳ නුඹ සමවැද උන් |
දැහැන
|
| ඉඟියක් කළෙමි සැකයෙන්, වේදෝ |
උරණ
|
| නොදුටුව ලෙසින් සිටියත්, මදහස |
පිරුණ
|
| දුටුවෙමි නුඹේ විළියෙන් රතුවුණු |
මුහුණ
|
| සිටියත් නුඹේ අත අල්ලනු බැරි |
දුරකින්
|
| කරුණක් නොවේ පසුබැස්මට කිසි |
ලෙසකින්
|
| දැවටූ සුපෙම්මල්, නෙත් හීසර |
යවමින්
|
| හැකිවිය සිපගන්න ඔය වත ලොවට |
හොරෙන්
|
| කවුළුව තුළින් නෙත රසඳුන් දෙන |
හින්දා
|
| ඈතින් ඉඳන් මම නුඹහට පෙම් |
බැන්දා
|
| ඇතිබව දනිමි මා වෙත නුඹෙ හද |
රන්දා
|
| එනමුත් දුටිමි වෙනසක් මොකදෝ |
මන්දා
|
| නොකියනු බැරි දෙයක් ඇතිදෝ පතුලෙ |
හද
|
| සුන්දර නොවේ වත ඊයෙ තරම් |
අද
|
| වත්සුණු සුවඳ තැවරුණු සුදු කොපුල් |
මැද
|
| කඳුලට නවාතැන් දුන්නේ නුඹ |
කිමද
|
| ලාලිත, කොමල නුඹ සිටියත් තරුණ |
වියේ
|
| සුන්දර මුහුණ ඇත සඟවා දිවා |
රැයේ
|
| කතරක් තරම් සඟවාගෙන සුසුම් |
ළයේ
|
| හිනැහී සිටින්නට හැකි වෙරදරන් |
ප්‍රියේ
|
| දෙන්නට හිත ඇතත් නිදහස යදම් |
ලිහා
|
| දිගු නෑ දෑත නුඹ ඉන්නේ දුරින් |
මහා
|
| ඉවතට හැරවුවත් වත කවුලුවෙන් |
වහා
|
| සුන්දර බව දනිමි ඇති රුව තිරෙන් |
එහා
|
| ලද දේ නොලද දේ එකලෙස |
ඉවසාපන්
|
| හද සෝ සුසුම් දුරැලන්නට |
හැකිවීයන්
|
| කවුළුව ළඟදි මගෙ නෙත් තුල |
පැටලීයන්
|
| දැක්මෙන් නුඹව තනිකම මගෙ |
දුරුවීයන්
|
| රන්වන් කරල් බරවුණු වෙල් |
මැද්දෑවේ
|
| ඇවිදන් යන්න අත් අල්ලන් |
හැන්දෑවේ
|
| හැබැහින් විඳින්නට රස දිවි |
ගංගාවේ
|
| පෙරුමන් පුරන් උපදින්නට |
ලංකාවේ!
|

